nsb

Mar 20, 2017

ෆ්ලැට් අස්සෙන් යන දුම්රිය!

ජනාකීර්ණ බව වැඩිවීමත් සමග පැණනගින ඉඩකඩ ගැටළු හේතුවෙන් නගර නිර්මාණයේදී සාම්ප්‍රදායෙන් ඔබ්බට යාමට සිදුවේ.

මෙවැනි අපූරු අවස්ථාවක් පිළිබඳව ගිණිකොණ දිග චීනයේ චොන්කින් නගරයෙන් වාර්තා වේ.

වර්ග සැතපුම් 31,000 ක බිම්ප්‍රමාණයක මිලියන 49ක ජනකායක් මෙම නගරයේ ජීවත් වන අතර, සීමිත ඉඩකඩ ප්‍රමාණයක නවීන පන්නයේ යටිතල පහසුකම් ලබාදීමට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට එහි නගර නිර්මාණ ශිල්පීන් කටයුතු කර තිබේ.

තටිටු 19ක මහල් නිවාස ගොඩනැගිල්ලක් අතරින් දිවයන දුම්රිය මාර්ගයක් සැකසෙන්නේ එලෙසිනි.

කෙසේවෙතත්, මෙම මාර්ගයේ දුම්රියක් ගමන් කරන අතරතුරේදී එම ගොඩනැගිල්ලේ නිවාස වලට ඇති වන ඝෝෂාව මගහැරීමට එහි විශේෂ උපකරණ සවිකර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් දුම්රියක් මෙම ගොඩනැගිල්ල තුළින් ගමන්කරන අවස්ථාවේ දී අවට නිවාස වලට ඇසෙන්නේ ඩිෂ්වොෂර් යන්ත්‍රයක් ක්‍රියාත්මකව පවතින විට නැගෙන ඝෝෂාවට සමාන ඝෝෂාවක් බව පැවසේ.

මෙම අපූරු දුම්රියේ ඡායාරූප කිහිපයකි මේ.

Chinatrane

chinatraine1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top