Mar 30, 2017

කාම්බෝජයේ මව්කිරි අපනයනය තහනම් වේ

මව්කිරි අපනයනය කිරීම තහනම් කිරීමට කාම්බෝජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව, ඇමෙරිකාව තුළ මව්කිරි විකිණීමේ සමාගමක් වන ඇම්බ්‍රෝෂියා ලැබ්ස් (Ambrosia Labs) වල එරට මෙහෙයුම් නැවතී ඇත.

එම සමාගම විසින් වසර දෙකකට අධික කාලය පුරාවට කාම්බෝජයේ කාන්තාවන් 90 දෙනෙකුගෙන් වැඩිපිරිසකගෙන් මව්කිරි ලබාගෙන තිබේ.

කාම්බෝජයේ දරුවන්ට මව්කිරි ලබාදීමේ අඩුවීම පිළිබඳව කනස්සල්ලෙන් පසුවූ UNICEF ආයතනය, මෙම පියවර පිළිබඳව ප්‍රශංසා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top