Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 03, 2017

‘චීනය හිටයත් නැතත් උ. කොරියානු ප්‍රශ්ණය විසඳනවා’ Featured

චීනයේ සහය ඇතිව හෝ නොමැතිව ඇමෙරිකාව උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික අනතුර විසඳන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රිතාන්‍යයේ ‘ද ෆියිනැන්ෂියල් ටයිම්ස්’ පුවත්පත හා පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

චීනය මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදුන්නහොත් ඇමෙරිකාව එම ගැටළුව විසඳීමට කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ගැටළුවට තනියෙන් මුහුණදී ජයගත හැකිදැයි තමා සිතන්නේදැයි මාධ්‍යවේදියා ඇසූවිටදී ‘අනිවාර්යයෙන්ම’ යැයි ට්‍රම්ප් පිළිතුරු දී තිබේ.

“උතුරු කොරියාව ගැන අපට සහය දෙනවාද නැද්ද කියලා චීනය තීරණය කරන්න ඕන. එහෙම තීරණය කළොත් ඒක එයාලාට ගොඩක් හොඳවේවි. නැති වුනොත් ඒක කාටවත් හොඳ වෙන එකක් නෑ,” යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

චීන ජනපති සී ජින්පින් මෙම සතියේදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top