nsb

Apr 05, 2017

ලොව ගස් වර්ග 60,000ක්

ලෝකයේ ගස් වර්ග 60,000ක් ඇතැයි ලොව ශාක පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම ගස් වර්ග වල ලැයිස්තුව Botanical Gardens Conservation International (BGCI) විසින් සම්පාදනය ඇති අතර, ඒ සඳහා සාමාජික සංවිධාන 500ක් ලබාදුන් දත්ත උපයෝගී කරගෙන ඇතැයි වාර්තා වේ.

මෙම අධ්‍යයනයේ විස්තර Journal of Sustainable Forestry නම් ප්‍රකාශනයේ පළ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ හඳුනාගෙන නිසි පියවර ගැනීමට මෙම ලැයිස්තුව උපකාරී වනු ඇතැයි BGCI ආයතනය බලාපොරොත්තු වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top