Apr 06, 2017

වාර්ගික සංහාරයක් නෑ - සූ කී

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ජන කොට්ඨාශය සම්බන්ධයෙන් වාර්ගික සංහාරයක් සිදුනොවෙන බවඑරට නායිකා අවුන් සාන් සූ කී පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ බීබීසී ලෝක සේවය හා පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

මෙම ජන කොට්ඨාශය බහුලව ජීවත්වන රඛීන් ප්‍රාන්තයේ ගැටළු ඇති නමුත් ‘වාර්ගික සංහාරය’ යන වචන භාවිතය දරුණු වැඩි බව ඇය මෙහිදී පවසා තිබේ.

කෙසේවෙතත්, නොබෙල් සාම ත්‍යාගලාභිනියක් වන සූ කී මහත්මියගේ මෙම ප්‍රකාශය විවිධ පාර්ශව වල විවේචනට ලක්ව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top