nsb

Apr 10, 2017

මහා බාධක කොරල්පරයේ 2/3කට හානි

මෑත කාලයේදී දිගින් දිගටම කොරල්පර දුර්වර්ණ වීම (bleaching) හේතුවෙන් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයේ 2/3කට දරුණු ලෙස හානි සිදුවී ඇති බව පරිසර විද්‍යාඥයන් පවසයි.

මහා බාධක කොරල්පරයේ කි.මී. 1,500ක ප්‍රදේශයකට මේ අයුරින් හානි සිදුවී ඇතැයි ඔවුන් කියා සිටියි.

සමුද්‍ර ජලයේ උෂ්ණත්වය වැඩිවීම කොරල්පර දුර්වර්ණ වීමට හේතුවේ.

පසුගිය වසරේදී මහා බාධක කොරල්පරයේ උතුරු ප්‍රදේශය තදබල ලෙස දුර්වර්ණ වූ අතර, මේ වසරේ දී කොරල්පරයේ මැද ප්‍රදේශය ද එම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.

ඉතා කෙටි කාලයකදී දිගින් දිගටම දුර්වර්ණයට ලක්වීම මගින් කොරල්පර වලට යළි ප්‍රකෘති ස්වභාවයට පැමිණීමට ඇති අවස්ථාව අඩුකරන බව විද්‍යාඥයන් අනතුරු අඟවයි.

තවදුරටත් කොරල්පර දුර්වර්ණ වීම වැළැක්වීම සඳහා හරිතාගාර විෂ වායු පිට කිරීම් අඩු කිරීමට ලොව පුරා රජයන් කටයුතු කළ යුතු යැයි  බීබීසී ලෝක සේවය වෙත අදහස් දක්වමින් ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටෙරී හියුස් පවසා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top