Apr 10, 2017

ඇමෙරිකාවෙන් රුසියාවට දොස්

සිරියාවේ කැරළිකරුවන් ගේ බලප්‍රදේශය තුළ රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීම වැළැක්වීමට රුසියාව අපොහොසත් වූ බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

සිරියානු අවිගබඩා විනාශ කිරීමට රුසියාව එකඟ වී තිබූ බවත්, එය සිදුකිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම විනාශය සිදුවූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණේ අද (10) දිනයේදී ඉතාලියේදී පැවැත්වීමට නියමිත G7 රටවල් වල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට පෙරාතුවයි.

පසුගිය බදාදා දින සිරියාවේ Khan Sheikhoun නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 89 දෙනෙකු මියගිය අතර, මෙය රසායනික අවි ප්‍රහාරයක් බවට පැවසේ.

මීට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව විසින් පසුගිය සිකුරාදා දිනයේදී සිරියානු ගුවන් හමුදා කඳවුරකට මිසයිල් 59ක් එල්ල කර තිබුණි.

රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ලවන චෝදනා සිරියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, රැසියාව ද පවසා ඇත්තේ සිරියාව සතුව එවැනි අවි ඇතැයි ඇමෙරිකාව ඔප්පු කර නැති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top