nsb

Apr 11, 2017

මලාලා, එ.ජා. සාම නියෝජිතවරියක් වෙයි

නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා යූසෆ්සායි එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතවරයකු ලෙස පත්කර තිබේ.

මේ වන විට 19 වියේ පසුවන ඇය, එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත පදවියක් ලද ලාබාලතම තැනැත්තිය ලෙස ඉතිහාසගත වේ.

අධ්‍යාපනය සඳහා ගැහැණු දරුවන්ට ඇති අයිතිය පිළිබඳව විශේෂ අවධානය ලබාදෙමින් ඇය මෙම පදවියේ කටයුතු කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවේ නිව්යෝක් හි දී මෙම පදවිය භාරගත් මලාලා පවසා ඇත්තේ ‘වෙනස ඇතිකිරීම’ ඇරඹෙන්නේ වන්නේ අප අතරින් බවත් එය වහාම ඇරඹිය  විය යුතු බවත් ය.

මෙහිදී අදහස් දක්වමින් එ.ජා. සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරස් මහතා පවසා ඇත්තේ මලාලා යනු ලොව වැදගත්ම දේ ලෙස සැලකිය හැකි ‘සැමට අධ්‍යාපනය’ යන දැක්මේ සංකේතයක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top