Apr 18, 2017

ස්වාසිලන්ත රජු දික්කසාදය තහනම් කරයි

ස්වාසිලන්තයේ දික්කසාදය තහනම් කිරීමට එරට ස්වාති රජු රාජකීය නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගියදා එරට ආගමික නායකයන් සමග පැවති හමුවකදී ඔහු ඉල්ලා ඇත්තේ එරට සංස්කෘතියට අනුව විවාහ වීමෙන් පසුව යළිත් එම තීරණය වෙනස් කිරීම සිදුකළ නොහැකි බවට ජනතාවට අනුශාසනා කරන ලෙසයි.

මෙම නියෝගය වාර්තා වන්නේ එරට නීතිපති කාර්යාලය මගින් දික්කසාදය සඳහා හේතුකාරණා 5ක් ද ඇතුළත් නව විවාහ පනත් කෙටුම්පත සම්පාදනය කරමින් සිටින අතරතුරේදීය.  

වසර 1964දී එරටට හඳුන්වා දුන් වත්මන් විවාහ පනත යටතේ දික්කසාදය තහනම් වේ.

යුනිසෙෆ් ආයතනයට අනුව වැඩිම HIV/Aids ප්‍රතිශතයක් ඇති රට වන්නේ ස්වාසිලන්තයයි. එහි මිලියන 1.2ක ජනගහනයෙන් 210,000ක් පමණ HIV/Aids වලින් පීඩා විඳියි.

සිංහයා ලෙස හැඳින්වෙන ස්වාසිලන්තයේ තුන්වැනි ස්වාති රජු කිරුළු පැළඳුවේ 1986දී ය. ඒ වන විට ඔහු 18 වියේ පසුවිය. වර්තමානයේදී 49 වියේ පසුවන ඔහුට සෑම වසරකදීම අළුත් මනාලියක් ගෙන ඒමට අවසර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top