Apr 18, 2017

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළාය.

යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතානයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය.

2020 දී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වනතුරු මහ මැතිවරණයක් කැඳවීමේ අදහසක් නොමැති බව අගමැතිනිය මීට පෙර කිහිප වතාවක්ම අවධාරණය කර තිබේ.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top