nsb

Nov 04, 2016

හෙඩ්ලයිට් ඩිම් නොකළොත් දඩ

වාහන වල ඉදිරිපස ප්‍රධාන පහන් වල දීප්තිය අඩු නොකර, විනාඩියක් පමණ කාලයක් ඉදිරිපස සිටින්නන් ගේ දෑස් නිලංකාර වන ලෙස කටයුතු කරන රියදුරන් හට දඬුවම් ලබාදීමට දකුණු දිග චීනයේ පොලිස් නිලධාරීන් විසින් කටයුතු කරන බව වාර්තා වේ.

මේ සඳහා දියත් කර ඇති මෙහෙයුම සම්බන්ධයෙන් ෂෙන්සෙන් රථවාහන පොලිසිය විසින් ඔවුන්ගේ නිල වෙයිබෝ සමාජ ජාලා ගිණුමේ ඡායාරූප පළ කර තිබේ.

චීනයේ නිල මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඉහත වරදට හසුවන රියැදුරන් හට යුවාන් 300ක දඩ නියම කෙරෙන අතර, ප්‍රධාන පහන් දැල්වෙමින් තිබෙන වාහනයකට මුහුණදෙමින් තත්ත්පර 60ක් ගතකිරීමට ද ඔවුන්ට සිදවේ.

වසර 2014 දී මීට සමාන දඬුවමක් පැනවීම හේතුවෙන් ෂෙන්සෙන් රථවාහන පොලිසිය විවේචනයට ලක්විය. කෙසේ වෙතත්, ගතවූ අඟහරුවාදා දින සිට යළි ඇරඹුනු මෙම දඬුවම සඳහා ලැබී ඇති මහජන ප්‍රතිචාර වැඩි වශයෙන් ධනාත්මක බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

- ශානි -

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top