Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 21, 2017

පැරිස් ඝාතන සැකකරු හඳුනාගනියි

ඊයේ (20) පැරිස් නගරයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා ඝාතනය කළ සැකකරු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ මෙම සැකකරුගේ මෝටර් රථයේ තිබුණු ලිපිලේඛන වලින් ඔහු ගේ අනන්‍යතාවය හෙළිවී ඇති බවයි. පිහි හා ගිනිඅවියක් ද එම මෝටර් රථයෙන් හමුවී ඇති බව ද ප්‍රංශයේ BFMTV රූපවාහිනී නාලිකාව වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ප්‍රංශ බලධාරීන් විසින් තවමත් මෙම සැකකරුගේ අනන්‍යතාවය මහජනයා හට හෙළිදරව් කර නොමැත.

තවද, රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සැකකරුගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ද ප්‍රංශ පොලිස් භාරයට ගෙන ඇත.

මෙම ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකෙරෙන තවත් පුද්ගලයෙකු බෙල්ජියානු පොලිසියට භාර වී ඇතැයි ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, මෙම සිදුවීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති ඔලොන්ඩ් විසින් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවනු ලැබිණි.

ප්‍රංශයේ ජනාධිපතිවරණය පැවැත්වීමට දින තුනකට පෙර මෙම ප්‍රහාරය එල්ලවූ අතර ජනාධිපති ඔලොන්ඩ් අවධාරණය කර කියා සිටියේ ආරක්‍ෂක හමුදා දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරනු ඇතිබවය.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනෙකු විසින් සිය අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අවලංගු කරනු ලැබ තිබේ.

පැරිස් නගරයේ චැම්ප් එලිසීස් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියාට වෙඩි තබා ඝාතනය කළ සැකකරු පසුව මියගොස් තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top