Apr 24, 2017

ජංගම දුරකථන නිසා පවුල් ජීවිත අවුල් වෙලා !

ප්‍රමාණය ඉක්මවා දෙමව්පියන් ජංගම දුරකථන භාවිත කිරීම පවුල් ජීවිත කඩාකප්පල් වීමට එක් හේතුවක් වී ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 11ත් 18ත් අතර 2000කට අධික පිරිසක් එක්කර ගෙන තිබේ.

ඔවුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් පවසා ඇත්තේ ජංගම දුරකථන භාවිතය නතර කළ හැකි දැයි තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටි බවයි.

ජංගම දුරකථනය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් සියයට අසූ දෙකකට ආහාර ගැනීම පවා අතපසු වන බව සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

සති අන්තයේ පැය 03ත් 05ත් අතර ප්‍රමාණයක් දෙමාපියන්ගෙන් සියයට 37ක්  අන්තර්ජාලය තතුළ සැරිසරණ බවටද මෙහිදී අනාවරණ වී තිබේ.

බ්‍රිතාන්‍යයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්වේ.

(නෙත් නිව්ස්)

සබැඳි පුවත් :

බිල් ගේට්ස් දරුවන්ට ස්මාට් ෆෝන් තහනම් කරලා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top