Nov 06, 2016

ජකර්තාව ඉස්ලාම් අන්තවාදී ග්‍රහණයට නතුවෙයි

ඉන්දුනීසියාවේ, ජකාර්තා අගනුවර නගරාධිපතිවරයා කුරානයට අපහාසයක් කළේ යැයි පවසමින් එරට අන්තවාදී මුස්ලිම්වරු ජකර්තාව තුළ ප්‍රචණ්ඩක්‍රියා සමග දරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ හේතුව නිසාම ඉන්දුනීසියාවේ වත්මන් ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය ඔස්ට්‍රේලියානු සංචාරයකද අවලංගු කර ඇති බව එරට රජය පවසයි.

දේශපාලන නාට්‍යකරුවන් තත්ත්වය ප්‍රචණ්ඩත්වයක් කරා ගෙනගොස් ඇති බවට ජනාධිපතිවරයා චෝදනා කරයි.

ඉන්දුනීසියාවේ, ජකාර්තා නගරාධිපති බසූකි ජහාජහා පූර්නමා කතෝලිකයෙකි.


එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට:


කෙසේ වෙතත්, මේ වනවිට ජකාර්තා නුවර ඇති වී තිබෙන උණුසුම හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

සිකුරාදා දිනයේදී මුස්ලිම් දේවස්ථානවල යාඤාවන්ගෙන් පසුව නගරාධිපතිවරයාට එරෙහිව ජනපති මැදුරු ඉදිරිපිට ඇරඹි උද්ඝෝෂණ මාලාව සාමකාමීව විසුරුවා හැරීමට පොලීසිය උත්සාහ කළද, උද්ඝෝෂකයන් කලහකාරීව හැසිරීම නිසා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසියට සිදුව තිබේ.

මේ සමගම උද්ඝෝෂණය ප්‍රචණ්ඩ බවට පත්ව ඇත.

මෙම උද්ඝෝෂණයට අන්තවාදීන් 50,000ක් පමණ සහභාගී වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ආරම්භයේදී උද්ඝෝෂණය සාමකාමී ස්වරූපයක් ගත්තද රාත්‍රිය උදාවෙත්ම මංමාවත්වල තිබූ මෝටර් රථ ගිනිබත් කරමින් ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වී තිබේ.

සිය ප්‍රතිවිරුද්ධ දේශපාලඥයන් කුරානයේ එන පාඨ ගෙනහැර දක්වමින් ඡන්දදායකයන්ගේ කණෙන් රිංගන බවට නගරාධිපතිවරයා කළ ප්‍රකාශයක් මේ ආකාරයෙන් ඔහුට එරෙහිව නැගී සිටීම හේතු වී ඇති බව කියැවෙයි. ඔහු ගෙනහැර දක්වන පාඨය නම්, 'මුස්ලිම්වරුන් මුස්ලිම් නොවන්නන් සිය නායකයන් ලෙස පත්කර නොගත යුතු' බවට අදහසක් කියැවෙන්නක් බවද විදෙස් වාර්තා පවසයි.

දේව අපහාස චෝදනා යටතේ ඔහු දඬුවම් ලැබිය යුතු බව උද්ඝෝෂකයන් පවසන අතර, නගරාධිපතිවරයා තම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදුව තිබියදීත් ඔහුට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉන්දුනීසියාවේ ජනගහනයෙන් බහුතරය මුස්ලිම් වන අතර, එය ආසන්න වශයෙන් මිලියන 250කි.

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top