Nov 08, 2016

ඇමෙරිකානු ජනපති සටන : මිලියන 46ක් ඡන්දය දී අවසන්

ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද ව්‍යාපාරය අදින් අවසන් වේ.

45 වැනි ජනපති තේරීමේ තරගය සඳහා එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වැදෙයි.

මේ වන විටත් ඇමෙරිකානු ජාතිකයන් මිලියන 46කට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශකර අවසන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මත විමසුම් වල 4%ක වැඩි ඡන්ද ප්‍රතිශතයකින් හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top