Nov 09, 2016

ඇමෙරිකානු ජනපතිවරණය : ට්‍රම්ප් ඉදිරියෙන් Featured

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව 122 ට 168ක් ලෙස නියෝජිත ඡන්ද ලබා හිලරි ක්ලින්ටන් අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ඉලෙක්ටොරල් කොලේජ් හෙවත් ඡන්ද තීරකයන්ගේ සභාවේ සමස්ත නියෝජිත සංඛ්‍යාව වන 538න්, බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේ.

මේ වනවිට ප්‍රාන්ත 50කින් ප්‍රාන්ත 28ක ඡන්ද නියෝජිත ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත්ව තිබේ.

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වූ ඇමෙරිකානු ඡන්ද විමසීමේ 2/3ක් මේ වන විට අවසන් වී ඇති අතර, අද දිනයේ ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව. 4.00ට පමණ අවසන් ඡන්ද ප්‍රථිපලය නිකුත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔහියෝ, පෙන්සිල්වේනියා, වර්ජිනියා, ෆ්ලොරිඩා හා උතුරු කැරොලයිනා යන ප්‍රාන්ත වල තීව්‍ර තරගයක් පවතින බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top