May 30, 2017

උස්බෙකිස්තානයේ වීඩියෝ ගේම් තහනමක්

සාරධර්ම පිරිහන පරිඝක ක්‍රීඩා රැසක් එරට තුළ තහනම් කිරීමට උස්බෙකිස්තානය පියවර ගෙන තිබේ.

පරිඝණක ක්‍රීඩා 34ක් ඇතුළත් මෙම ලැයිස්තුවට ලොවපුරා අතිජනප්‍රියත්වයක් උසුලන ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ : සැන් ඇන්ඩ්‍රියාස්, කෝල් ඔෆ් ඩියුටි, ද සිම්ස්, රෙසිඩන්ට් ඊවිල්, සයිලන්ට් හිල්, මෝටල් කොම්බැට් හා ඩූම් යන ක්‍රීඩා ඇතුළත් වේ.

මෙම තහනමට අනුව මෙම ක්‍රීඩා එරටට ආනයනය කිරීම හෝ එරට තුළ බෙදාහැරීම තහනම් වේ.

කෙසේවෙතත්, මෙම ක්‍රීඩා බහුතරයක් මේ වන විටත් උස්බෙකිස්තානයේ අන්තර්ජාල සේවා සපයන ස්ථාන වලින් හෝ ඩීවීඩී තැටි වල ඇති රුසියන් බසින් යුත් ව්‍යාජ පිටපත් ලෙස ලබාගත හැකිය.

මෙම තීරණය බොහෝ දෙනාගේ විවේචනයට තුඩු දී ඇති අතර, අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ අතර විවේචන මෙන්ම ඊට සහය පළ කරමින් ද සිදු කළ අදහස් ද ඇතුළත් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top