Jun 06, 2017

NDTV වැටලීම, කර්තෘ සංසදයේ විවේචනයට

ඉන්දියාවේ පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කාර්යාංශය (Central Bureau of Investigation) විසින් එරට දැවන්ත මාධ්‍ය ජාලයක් වන NDTV හි කාර්යාලය වැටලීම, එරට වෙනත් මාධ්‍ය ආයතන වල කර්තෘවරුන් ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

මෙම වැටලීම සිදුකර ඇත්තේ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මතයි.

ඉන්දියාවේ කර්තෘ සංසදය විසින් පවසා ඇත්තේ මාධ්‍ය හට මුඛවාඩම් බැඳීමට සිදුකරන ඕනෑම උත්සහයක් හෙළාදකින බවයි.

සිය ආයතනය කිසිඳු වරදක් සිදුකර නැති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන NDTV මාධ්‍ය ජාලය, දේශපාලන දඩයමක් සිදුකරන බවට ඉන්දීය ආණ්ඩුවට චෝදනා කර සිටියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කරන NDTV ජාලය වැඩිදුරටත් පවසා තිබුණේ පාලක පක්ෂයේ දේශපාලඥයන් හට සිය ආයතනයේ ස්වාධීනත්වය හා නිර්භීතබව දරාගැනීමට නොහැකි බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top