Jun 23, 2017

බ්‍රිතාන්‍යයේ යෝජනාව, හොඳ ආරම්භයක්

බ්‍රෙක්සිට් වලින් අනතුරුව යුරෝපා ජාතීන්ගේ අයිතීන් සුරැකීම සඳහා බ්‍රිතාන්‍යය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ‘හොඳ ආරම්භයක්’ බව ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කල් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් තවත් ගැටළු හා ගතයුතු පියවරයන් රැසක් ඇතිබවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ යෝජනාව ඊයේ දින බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් එළිදක්වා තිබේ.

මෙම යෝජනා මගින් බ්‍රිතාන්‍යය තුළ පස්වසරකට වැඩි කාලයක් පුරාවට ජීවත් වූ යුරෝපා ජාතිකයන් හට ‘UK Settled’ ලෙස භාවයක් හිමිවන අතර, මේ අනුව ඔවුන්ට එරට ජීවත් වීමේ අයිතිය මෙන්ම එහි අධ්‍යාපනය, සෞඛ්‍ය හා වෙනත් ප්‍රතිලාභ හිමිවේ.

මේ වන විට යුරෝපා ජාතිකයන් මිලියන 3.2ක් පමණ බ්‍රිතාන්‍යයේ සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top