Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 29, 2017

ඩයනාගේ මාරයා වසර 20 කට පසු හෙළි වෙයි

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත තමා ඩයනා කුමරිය මරා දැමූ බව එම්. අයි. 5 බුද්ධි සේවාවේ ඒජන්තවරයකු වූ ජෝන් හොප්කින්ස්‌ විසින් හෙළිකර ඇත.

අසූ හැවිරිදි වියේ පසුවන හොප්කින්ස්‌ දැන් මරණාසන්නව රෝහල්ගතව සිටී. මියයැමට පෙර මේ රහස හෙළි කිරීමට තමාට අවශ්‍ය බව ද ඔහු කියා සිටී.

ඩයනා මරා දැමීමේ නියෝගය සෘජුව දුන්නේ පිලිප් කුමරු බවත් ඇගේ මරණය හදිසි අනතුරක්‌ ලෙස හුවාදැක්‌වූ බවත් හොප්කින්ස්‌ පවසයි.

තමා ඔවුන්ට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දුන් බව කී හොප්කින්ස්‌ තමා ඩයනා මරා දැමුවේ රැජන හා පවුලේ අය රැකීමට බව ද පවසා ඇත.

තමා මෙයට පෙර කාන්තාවක මරා දමා නැති බව පැවසූ හොප්කින්ස්‌ එහෙත් රජ පවුලේ නියෝගය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටි බව සඳහන් කරයි.

ඝාතන 23 ක්‌ මෙහෙයවූ හොප්කින්ස්‌ගේ මේ හෙළිදරව්වෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ අය කැළඹීමකට පත්ව ඇත. එහෙත් පැරිසියේ උමඟකදී ඩයනා ගමන් කළ මෝටර් රිය අනතුරට ලක්‌වුණේ කෙසේද යන්න ඔහු හෙළිකර නැත.

(කීර්ති වර්ණකුලසූරිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top