Jul 12, 2017

පුතා ගේ රුසියානු හමුව ගැන ට්‍රම්ප් දන්නෑ

මේ වන විට ආන්දෝලනයක් බවට පත්වී ඇති තමා හා රුසියානු නීතිඥවරියක් අතර පැවති රැස්වීම පිළිබඳව තම පියා වන ඇමෙරිකානු ජනපතිවරයා කිසිවක් නොදන්නා බව  ඩොනල්ඩ් ට්‍රම්ප් (කණිෂ්ට) පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ෆොක්ස් පුවත් සේවය හා අදහස් දක්වමිනි.

එම රැස්වීම බරපතල යමක් නොවුනද ඒ සම්බන්ධයෙන් තමාට වෙනස් ආකාරයකට කටයුතු කිරීමට තිබුණු බව ඔහු පිළිගෙන තිබේ.

හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවසූ රුසියානු නීතිඥවරියක හමුවූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඊමේල් පණිවුඩ මාලාවක් ද ප්‍රසිද්ධ කිරීමට ට්‍රම්ප් (කණිෂ්ට)  කටයුතු කර තිබුණි.

පසුගිය වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top