15976 BM WEB BANNER 01
Jul 17, 2017

හෙළුවෙන් නාන වාර්තාව අළුත් වෙයි?

නිරුවතින් ස්නානය කළ පිහිනුම්කරුවන් සියගණනක් ෆින්ලන්තයෙදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට උත්සහ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර 786ක පිරිසක් එකතු වී තැබූ වාර්තාව බිඳහෙළීමෙනි.

සංවිධානකරුවන් විසින් දහසක පමණ පිරිසක් පමණ බලාපොරොත්තු වුවත් සහභාගී වී ඇත්තේ 789ක් පමණි.

කෙසේ වෙතත්, එකවර නිරුවතින් ස්නානය කළ විශාලතම පිරිස සඳහා වූ මෙම අවස්ථාව නව ලෝක වාර්තාවක් බව තවමත් ගිනස් ලෝක වාර්තා ආයතනය සනාථ කර නොමැත.

ෆින්ලන්තයේ චාරිත්‍රයක් වන මෙම නිරුවත් එළිමහන් පිහිනීම ඔවුන්ගේ රජය විසින් විදෙස් සංචාරකයන්ට ප්‍රසිද්ධ වී තිබේ.

naku uinnin maailmanennätys

nakuilijat espoosta

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top