Jul 21, 2017

රාම්නාත් ඉන්දියාවේ ජනපති වෙයි

රාම්නාත් කෝවින් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටී.
 
හැත්තෑ එක් හැවිරිදි රාම් නාත් කෝවින්ද් බිහාර් ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රාම්නාත් කෝවින්ද්ගේ දිල්ලි නුවර පිහිටි නිවසට මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
 
එමෙන්ම ඔහුගේ පාක්ෂිකයන් රැසක් ද නිවස වටා එක්රැස් වී සිටී.
 
විපක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ මීරා කුමාර් ය.
 
ඉන්දීය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4,896 දෙනෙකු සුදුසුකම් ලබා සිටියහ.
 
රාම්නාත් කෝවින් ලබන විසිහත් වනදා දිවුරුම් දීමට නියමිතයි.
 
පසුගිය 17 වනදායි ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැතිණි.
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂක රාම් නාත් කෝවින්ද් සහ කොංග්‍රස් පක්ෂයේ  මෙයිරා කුමාර් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙසට ඉදිරිපත් වූ අයද වෙති.
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top