15976 BM WEB BANNER 01
Jul 22, 2017

ඇමරිකාව හැදූ ඩ්‍රෝන ඝාතකයා !

අහසේ පියාසරණ උකුසු නෙතට සමකළ හැකි ඔත්තු බලන නියමුවන් රහිත ඩ්‍රෝන යාත්‍රා හිසරදයක් මෙන්ම අනාගතයේ ආරක්ෂාවට බාධාවක් බවටද පත්වීම නොඅනුමානය.

 
අනාගත යුද්ධවලදී කාටත් බේරීමක් නොවන සේ ලුහු බැඳීමටත්, ප්‍රහාර දීමටත් මේ යානා බහුලව යොදා ගනු ඇතැයි යුද විශේෂඥයෝ විශ්වාස කරති.
 
මේ නිසාම ඩ්‍රෝන යාත්‍රා දඩයම් කළ හැකි නවතම අවියක් නිපදවීමට ඇමරිකානු නාවුක හමුදාව කටයුතු කර තිබේ.
 
ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැයකර නිපදවා ඇති මේ ඩ්‍රෝන දඩයම්කරු ලේසර් තුවක්කුවකි. 
 
දැනටමත් දිය ගොඩ දෙකෙහිම ගමන්ගත හැකි USS Ponce යාත්‍රාවේ පිහිටුවා ඇති මෙය පරීක්ෂාවට ලක්කිරීම පසුගියදා සිදුකර තිබේ. 
 
තමන් වෙත එන අන්තර් මහද්වීපික මිසයිලයක් මෙන් පනස් දහසක ගුණයක් වේගයෙන් හෙවත් ආලෝකයේ වේගයෙන් නිවැරදිව ප්‍රහාර එල්ල කරන්නට මෙය සමත් බව පැවසේ.
 
මේ මගින් කිලෝවොට් 30ක ප්‍රබල පිළිස්සුම් බලයක් ඉලක්ක වෙත යොමු කරනු ඇත.
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top