Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 24, 2017

දියවුනු න්‍යෂ්ටික ඉන්ධන ෆුකුෂිමා වලින් හමුවේ?

වසර කිහිපයකට පෙර හානියට පත්වූ ජපානයේ ෆූකුෂිමා න්‍යෂ්ටික බලාගාරය තුළ පවතින, දියවුනු න්‍යෂ්ටික ඉන්ධන තැන්පතු බවට සැකසහිත දෑ, ජලය යට ක්‍රියාකරන රොබෝ උපකරණයක් විසින් පළමු වරට ඡායාරූපගත කර ඇතැයි වාර්තා වේ.

මෙම දර්ශන ඡායාරූපගත කරගෙන තිබුණේ දුරස්ථ පාලකයක් මගින් පාලනය වන "ලිට්ල් සන්ෆිෂ්" නම් රොබෝ උපකරණය විසිනි.

එහි අංක 03 ප්‍රතික්‍රියාකාරකය යට මෙවැනි තැන්පතු විශාල වශයෙන් දක්නට ලැබූ බව එම බලාගාරය ක්‍රියාත්මක කරන ටෙප්කෝ ආයතනය පවසා තිබේ.

මෙම සොයාගැනීම සනාථ වුවහොත් එය ෆූකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ශුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යභාර්යයේ විශේෂ සන්ධිස්ථානයක් බව ඔවුන් පවසයි.

වසර 2011 සිදුවූ සුනාමි අනතුරෙන් මෙම බලාගාරය බිඳ වැටුණු අතර, මෙය චර්නොබීල් අනතුරෙන් පසුව වාර්තා වූ දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙස ඉතිහාසයට එක්විය.

මෙම අනතුර හේතුවෙන් එහි ඇතැම් ප්‍රතික්‍රියාකාරක තවමත් දරුණු ලෙස විකිරණශීලී ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වී ඇති අතර, පවිත්‍රකිරීම් කටයුතු වලදී රොබෝ උපකරණ සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top