Jul 26, 2017

ෆිලිප් කුමරු ලබන මස විශ්‍රාම යයි

මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ වල්ලභ කුමාරයා වන එඩින්බරෝ හි ආදිපාද ෆිලිප් කුමරු සහභාගි වන අවසන් රාජකීය රාජකාරී කටයුත්ත නිවේදනය කර ඇතැයි ස්කයි පුවත් සේවය වාර්තා කරයි.

අගෝස්තු මස 2 වැනි දින බකිංහැම් මාලිගයේ දී පැවැත්වෙන රාජකීය මැරීන් බලකායේ 1664 Global Challenge ක්‍රියාදාමයේ අවසානය සනිටුහන් කරන උත්සවයට සහභාගී වී සිය නිල රාජකාරී කටයුතු වලට සමුදීමට එඩින්බර්ග් ආදිපාද ෆිලිප් කුමරු බලාපොරොත්තු වන බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකවරියක් සඳහන් කර ඇතැයි එහි දැක්වේ.

පසුගිය මස වසර 96 ට පා තැබූ ෆිලිප් කුමරු රාජකීය මැරීන් හි කපිතාන් ජෙනරාල් ලෙසද කටයුතු කරන අතර, ඔහු සිය නිල රාජකාරී කටයුතු වලට මේ වසරේදී සමුදෙන බව බකිංහැම් මාලිගාව පසුගිය මැයි මාසයේදී නිවේදනය කර තිබුණි. කෙසේවෙතත්, ෆිලිප් කුමරු විශ්‍රාම යෑමට හේතුව ඔහුගේ සෞඛ්‍ය තත්වය නොවන බවත් නිදහස් සුවය විඳීම සඳහා බවත් රාජකීය මාධ්‍ය තවදුරටත් පවසා ඇත.

සබැඳි පුවත් :

ෆිලිප් කුමරු රාජකාරි කටයුතු වලට සමුදෙන්න යයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top