15976 BM WEB BANNER 01
Jul 27, 2017

ට්‍රම්ප් ගේ ට්‍රාන්ස්ජෙන්ඩර් තහනම විවේචනයට

ඇමෙරිකානු හමුදාවේ සේවය කරන ලිංගික විපර්යාසයකට ලක්වූ පුද්ගලයන් (ට්‍රාන්ස්ජෙන්ඩර්) මත එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති තහනම දැඩි විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි.

මේ අනුව, ඇමෙරිකානු හමුදාවේ සේවය කරන ලිංගික විපර්යාසයකට ලක්වූවන් හට මෙම තහනම බලපාන ආකාරය තවමත් අවිනිශ්චිතව පවතියි.

පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා තිබුණේ ලිංගික විපර්යාසයකට ලක්වූ පුද්ගලයන් හට එරට හමුදාවේ කිසිඳු ධූරයක සේවය කිරීමට එරට රජය ඉඩනොතබන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top