15976 BM WEB BANNER 01
Jul 28, 2017

පිරිමි වරදට දැරියන් දෙදෙනෙක් දූෂණය වෙලා!

පකිස්තානයේ මුල්තාන්හිදී මිනිසුන් 20 දෙනෙකු විසින් දැරියක් දූෂණය කර ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරී අල්ලාහ් බාක්ෂ් පැවසා ඇති පරිදි අවුරුදු 12 දැරියක් දූෂණය කළ වරදට එම දූෂකයාගේ අවුරුදු 16 නැගණිය දූෂණය කළ යුතු යන නියෝගය ලබා දී ඇත්තේ එම ප්‍රදේශයේ ජිර්ගාව (ගම් සභාව) විසිනි.

පාකිස්තාන පොලිසිය සඳහන් කර ඇත්තේ මෙලෙස දූෂණයට ලක්වූ දැරියන් දෙදෙනාගේ පවුල් ඥාතීන් බවය.

තවද පාකිස්තාන් "ඩෝන්" පුවත්පත සඳහන් කර තිබුණේ මෙම පලිගැනීමේ දූෂණය එම දැරියගේ දෙමාපියන් ඉදිරියේදී ම සිදු කර ඇති බවයි.

කෙසේනමුත් දූෂණයට ලක් වූ දැරියන් දෙදෙනාගේම මවුවරුන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

පාකිස්තානයේ දුෂ්කර පළාත්වල මෙම ගම් සභා දක්නට ලැබෙන අතර, එහි වැඩිහිටියන් එම සභාවේ තීරකයන් වේ. මින් පෙරද මෙවන් තීරණ ලබා දී ඇති අවස්ථාවන් වාර්තා වේ.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top