15976 BM WEB BANNER 01
Jul 28, 2017

දරුවන් ගේ වැඩ නිසා නවාස් ෂරීෆ් ගෙදර යයි

ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගමැතිවරයාගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව දෙනු ලබන අවස්ථාවේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව තර කර තිබිණි.
අදාළ චෝදනා අගමැති ෂරීෆ් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

පංච පුද්ගල මඩුල්ලක් විසින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබීය.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට බලකරමින් සිටිති.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top