15976 BM WEB BANNER 01
Jul 31, 2017

චිකන් නොවන චිකන් (වීඩියෝ)

බොහෝ පාරිභෝගිකයන් මේ වන විට නිර්මාංශ වෙමින් පවතින මෙම අවධියේ දී ශාක වලින් සැදුම් ලත් විකල්ප ආහාර වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

කහ පැහැති පීස් වල ප්‍රෝටීන්, එළවළු කුඩු, ඉරිඟු පිෂ්ඨය, ශාක පිෂ්ඨය, ජලය හා ස්වභාවික ඊස්ට් යොදාගෙන තැනෙන මෙම නිෂ්පාදනය හා කුකුල් මස් අතර රසයෙන් කිසිඳු වෙනස් නැති බව වාර්තා වේ.

සන්ෆෙඩ් චිකන් නම් මෙම නිෂ්පාදනය පසුපස සිටින්නේ නවසීලන්ත ව්‍යාපාරික කාන්තාවක් වන ශාමා සුකුල්-ලී (Shama Sukul-Lee) ය.

පසුගියදා නවසීලන්ත වෙළඳපොලට නිකුත් වූ මෙම නිෂ්පාදනය තවමත් දක්නට ලැබෙන්නේ ඕක්ලන්ඩ්, හැමිල්ටන්, වෙලින්ටන් හා පාමර්ස්ටන් නෝත් යන නගර වල පමණි.

මෙම නිෂ්පාදනය පිළිබඳ වීඩියෝවකි මේ.

FRONT 1024x bbf97fb0 5970 40f5 bcbb c19513148a53 1024x


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top