15976 BM WEB BANNER 01
Aug 01, 2017

ට්‍රම්ප්ගේ අළුත් මාධ්‍ය ප්‍රධානියාත් දොට්ට

ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ඇන්තනි ස්කරාමුචි එම තනතුර පත්ව දින 10ක් ගතවෙන්නටත් මත්තෙන් ඉන් ඉවත් කර ඇත.

මීට ඉහතදී මුල්‍ය අනුග්‍රාහකයකු වූ ස්කරාමුචි පසුගිය සිකුරාදා අදාළ තනතුරේ වැඩ භාරගත් අතර ඔහුගේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක්විය.

ජනාධිපති ට්‍රම්ප් ගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් හා ප්‍රකාශකයා වූ ෂෝන් ස්පයිසර් සිය තනතුරුවලින් පසුගියදා ඉල්ලා අස්වුයේද ස්කරාමුචිගේ පත් කිරීම හේතුවෙනි.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහුව එම තනතුරින් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් ගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියාවන ජෝන් කෙලී ය.

වාක්‍ය තුනකින් සමන්විත වූ ධවල මන්දිර නිවේදනයේ දැක්වුණේ : "ඇන්තනි ස්කරාමුචි ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරින් නික්ම යනු ඇත."

"ජෝන් කෙලී හට තමන්ගේම වූ කණ්ඩායමක් ගොඩනගා ගැනීමට මෙන්ම පැහැදිලි පසුබිමක් සඳහා ඉඩදීම වඩා යෝග්‍ය යැයි ස්කරාමුචි මහතාට හැගී ගොස් තිබේ. ඔහුට අපි සුභ පතමු."

ධවල මන්දිර කාර්ය මණ්ඩලය අතර ඇති ගැටීම් සම්බන්ධයෙන් පළවන වාර්තා සම්බන්ධයෙන් දිනය මුලදී ට්විටර් පණිවිඩයක් තැබූ ජනාධිපති ට්‍රම්ප්, "ධවල මන්දිරයේ අවුලක් නැහැ" යැයි සඳහන් කළේය.

ස්කරාමුචි උදම් අනා තිබුණේ තමා ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියාට නොව ඍජුව ජනාධිපතිවරයාට වාර්තා කරන බව පවසමිනි.

මීට මේර ස්වදේශ ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා ලෙස ද ක්‍රියාකර ඇති ජෙනරාල් ජෝන් කෙලී ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සඳුදා උදෑසන දිව්රුම් දුන්නේය.

පසුගිය සිකුරාදා කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් ඉල්ලා අස්වූයේ ස්කරාමුචි විසින් මුලින් පළකරනු ලබා පසුව ඉවත්කරනු ලැබූ ට්විටර් පණිවිඩයකින් අනතුරුවය. එම පණිවිඩය ප්‍රීබස්ට එල්ල කරන ලද චෝදනාවක් මෙන්ම තර්ජනයක් ලෙසද ඇතැමුන් හඳුන්වා දී තිබිණි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top