Aug 03, 2017

ඉන්දියාවේ හොල්මන් බාබර් ලා!

ඉන්දියාවේ හරියානා හා රාජස්තාන් ප්‍රාන්ත වල කාන්තාවන් භීතියට පත්ව ඇතැයි වාර්තා වේ.

මීට හේතුව ලෙස වාර්තා වන්නේ කිසිවෙකු විසින් ඔවුන් ව සිහිසුන් කර හිසකෙස් කපාදමා යාම හේතුවෙනි.

ඉහත ප්‍රාන්ත වල කාන්තාවන් 50 දෙනෙකු ගේ පමණ මෙවැනි සිදුවීම් වලට මුහුණ දී ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් මුලින්ම වාර්තා වූයේ පසුගිය මාසය මුලදී ය. ඒ රාජස්තාන් ප්‍රාන්තයෙනි. ඉන්පසුව නවදිල්ලිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා විය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර, එම සිද්ධීන් සිදුවූ ස්ථාන වලින් කිසිඳු හෝඩුවාවක් හමුවී නැති අතර, සිද්ධියට මුහුණ පෑ කාන්තාවන් ගේ වෛද්‍ය පරීක්ෂණ වලින් ද අසාමාන්‍ය කිසිවක් දිස් වී නැත.

මෙම කාන්තාවන් පවසන්නේ එකවරම සිහි නැති වූ බවත්, සිහිය යළි ලැබෙන විට සිය හිසකෙස් කපාදමා තිබූ බවත් ය. මෙහි පුදුම සහගත තවත් කරුණක් වන්නේ ඇතැම් කතුන් සිය නිවසේදී හෝ නිවස අවටදී ද මෙම සිදුවීමට මුහුණ දීමයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top