15976 BM WEB BANNER 01
Aug 08, 2017

ත්‍රස්ත සැකකරුවන් සොයා මැලේසියාවේ මහා මෙහෙයුමක්

ත්‍රස්වාදය මැඩලීමේ අරමුණෙන් මැලේසියාවේ ක්වාලා ලම්පූර් හි සිදුකළ වැටලීම් වලින් පුද්ගලයන් 400ක් පමණ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූ බහුතරය බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් බව එරට නිලධාරීන් සඳහන් කරයි.

ගමනාගමනය සඳහා අවශ්‍ය ලිපිලේඛන නොමැති හෝ ව්‍යාජ ලිපිලේඛන සහිත පුද්ගලයන් මෙන්ම සිරියාවේ හා ඉරාකයේ ත්‍රස්තවාදී සංවිධාන වලට සබඳතා ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම් සිදුකළ බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

ඉදිරියේදී ක්වාලා ලම්පූර් තරගයේ පැවැත්වීමට නියමිත ගිණිකොණදිග ආසියානු ක්‍රීඩා තරගාවලියට ප්‍රථමයෙන් එම නගරයේ ආරක්ෂාව තරකිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top