Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Aug 11, 2017

නේපාලයේ ඔසප් මඩු තහනම් වෙයි

ඔසප් වීමේදී කාන්තාවන් සිය නිවෙස් වලින් මඩුවකට පිටමං කිරීමේ සිරිත සාපරාධී වරදක් කෙරෙන නව නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.

ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙයි.

සමාජයේ මුල්බැස ගෙන ඇති එම චාරිත්‍රය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ "චෞපඩි" (chhaupadi) යන වචනයෙනි.

එම පුරුද්ද කෙරෙහි නේපාල බලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණේ ඔසප් වූ කාන්තාවන් දෙදෙනකු නිවසින් පිටත මඩුවක නිදා ගනිමින් සිටියදී මරණයට පත්වීමත් සමඟයි.

පසුගිය වසරේදී ද මේ ආකාරයෙන් කුඩා මඩුවකට පිටමං කළ 15 හැවිරිදි දැරියක් මියගොස් තිබුණි.

සබැඳි පුවත් :

ඔසප් වුනාට පිටමං කළ දැරිය මරුට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top