nsb

Nov 17, 2016

යළි ගෙදරින් පිටට නොඑන්න හිතුනා - හිලරි

පසුගියදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් අත්වූ පරාජයෙන් අනතුරුව සිය සිතට නැගුනු හැඟීම් පිළිබඳව ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කර තිබේ.

ළමුන් ගේ පුණ්‍යාධාර වැඩසටහනකට සහභාගී වෙමින් ඇය පවසා තිබුණේ ගුලී වීහොඳ පොතක් කියවීමටත්, යළිත් නැවත ගෙදරින් පිටට නොයාමටත් තමාට සිතුනු බවයි.

මෙම ජනාධිපතිවරණ ප්‍රථිපල හේතුවෙන් බොහෝ දෙනෙකු ගේ බලාපොරොත්තු සුන් වූ බවත් තමාට ද එසේ වූ බව ඇය වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය ඡන්දය ඇයට හිමිවූ නමුත්, ඉලෙක්ටෝරල් කොලාජ් ක්‍රමවේදය යටතේ මෙවර ජනාධිපතිවරණයේ ජය හිමිවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top