Sep 12, 2017

උ. කොරියාවට සම්බාධක

උතුරු කොරියාව විසින් සිදුකළ සයවැනි හා විශාලතම න්‍යෂ්ටික අත්හදාබැලීමෙන් පසුව එරට මත සම්බාධක පැනවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානය තීරණය කර තිබේ.

උතුරු කොරියාවට සිදුකරන තෙල් අපනයන සීමා කිරීමටත් උතුරු කොරියාව විසින් සිදුකරන ඇඟළුම් අපනයන තහනම් කිරීම මෙලෙස පනවා ඇති සම්බාධක අතර වේ.

කෙසේවෙතත් ඇමෙරිකාව විසින් යෝජනා කර තිබුණේ උතුරු කොරියාවට සිදුකරන තෙල් අපනයන සම්පූර්ණයෙන් නැවැත්වීමටය.

උතුරු කොරියාවේ මිත්‍ර රටවල් වන චීනය හා රුසියාව විසින් සම්බාධක පැනවීමට එකඟ වී තිබුණේ එම තීන්දු ලිහිල් කිරීමන් අනතුරුවයි.

ඊයේ දින (11) එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පැනවූ මෙම සම්බාධක සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය කෝපය පළ කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top