Sep 20, 2017

මෙක්සිකෝ භූ කම්පනයෙන් 140ක් මරුට (වීඩියෝ)

මෙක්සිකෝවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 140 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.1 ක අගයක් ගත් බව එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

සුන්බුන් යට සිරවූවන් මුදාගැනීමට මේ වන විටත් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, කඩාවැටුනු පාසැලක සුන්බුන් යටතේ සිරවූ ළමුන් ද සිටින බව පැවසේ.

මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ එරට වැසියන් භූමිකම්පන පෙරහුරු වැඩසටහනක නිරතව සිටියදී බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

(වීඩියෝ : සී එන් එන්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top