15976 BM WEB BANNER 01
Sep 25, 2017

සිවුවැනි වරටත් මර්කල් බලයට එයි

ඊයේ (24) පැවැත්වුණු ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරමින් චාන්සලර් ඇන්ගලා(Angela Merkel) නායකත්වය සිවුවැනි වරටත් එරට පාලන බලය හිමිකරගෙන තිබේ.

මර්කල් නායකත්වය ලබාදෙන දක්ෂිණාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂයක් 32.5% ඡන්ද හිමිකරනගෙන එරට පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය බවට පත්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වන්නේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයයි.

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඡන්දදායක කොට්ඨාශ සහ සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකින් වන අතර, එහි ආසන හයසිය තිහකින් යුක්ත වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top