Sep 27, 2017

බිලියන 2.5ක විදුලිය යෝජනා ක්‍රමයක් ඉන්දියාවේ

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක විදුලිය යෝජනා ක්‍රමයක් ඉන්දියාවේ එළිදක්වා තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත වූ මෙම ‘සෞභාග්‍ය යෝජනා ක්‍රමය’ මගින් 2018  දෙසැම්බර් මාසය වන විට සෑම නිවසකටම විදුලිය ලබාදීමට අපේක්ෂා කරයි.

මේ අනුව, මෙම යෝජනා ක්‍රමය යටතේ නාගරික හා ගම්බද ප්‍රදේශ වල පවුල් මිලියන 40කට වැඩි ප්‍රමාණයකට විදුලිය ලැබෙනු ඇත.

මෙමගින් දුප්පතුන් ගේ ජීවිත වලට අතිදැවැන්ත වෙනසක් සිදුවනු ඇතැයි අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූ බව PTI පුවත් සේවය වාර්තා කරයි.

මේ වන විටත් ඉන්දියාවේ වෙසෙන බිලියන 1.3ක ජනගහනයෙන් මිලියන 300කට පමණ විදුලිබලය නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top