Sep 27, 2017

සෞදි කතුන්ට ඉදිරියේදී රියපැදවීමට අවසර

සෞදි අරාබියේ කාන්තාවන් මත පනවා ඇති රියපැදවීමේ තහනම ඉවත් කිරීමට එරට සල්මාන් රජු නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
 
දින 30ක් තුළ මේ සම්බන්ධයෙන් රජයේ අමාත්‍යංශ විසින් වාර්තා ලබාදීමට නියමිත අතර, මෙම නියෝගය 2018 ජුනි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.  
 
පවතින නීතිරීති අනුව සෞදි කාන්තාවන් හට මෝටර් රථ පැදවීම තහනම් වන අතර, එය වසර ගණනාවක් පුරාවට කාන්තා ක්‍රියාධරයන් ගේ විවේචනයට ලක්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top