Sep 28, 2017

ට්‍රම්පේ ගේ බෑණා ගැහැණියෙක් වෙලා!

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බෑණනුවන් වන ජෙරාඩ් කුෂ්නර්  වසර 08ක් පුරාවටම ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇත්තේ කාන්තාවක් ලෙස යැයි වාර්තා වේ.

වයර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නිව් යෝක් ප්‍රාන්තයේ මැතිවරණ මණ්ඩලයේ ඔහුව ලැයිස්තුගත කර ඇත්තේ කාන්තාවක් ලෙසයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් කුෂ්නර් ප්‍රතිචාර දක්වා නොමැති බැවින් එම වරද සිදුවී ඇත්තේ කෙසේද යන්න තවමත් හෙළිදරව් වී නොමැත.

ජනාධිපති දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ගේ සැමියා වන ඔහු මේ වන විට ජේ‍යෂ්ට ජනාධිපති උපදේශකයෙකු ලෙස ද කටයුතු කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top