15976 BM WEB BANNER 01
Oct 04, 2017

වේගාස් වෙඩිකරු ගේ කාමරයේ කැමරා

ඉරිදා දිනයේදී සිදුවූ ලාස් වේගාස් ප්‍රහාරය පසුපස සිටි වෙඩිකරු වන ස්ටීවන් පැඩොක් සිය හෝටල් කාමරයේ කැමරා අටවා තිබූ බවට සොයාගෙන තිබේ.

ආරක්ෂක නිලධාරීන් කාමරය වෙත පැමිණෙන්නේ ද යන්න පිළිබඳව බැලීම සඳහා මෙම කැමරා භාවිතා කර ඇති බව ඇමෙරිකානු පොලිසිය සඳහන් කරයි.

මැන්ඩලේ බේ හෝටලයේ සිට හැට හතර වියේ පසු වූ පැඩොක් මෙම ප්‍රහාරය සිදුකිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

පුද්ගලයන් 58 දෙනෙකු හට මරු කැඳවමින් හා තවත් 500කට වැඩි පිරිසකට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය මේ දක්වා ඇමෙරිකාවේ සිදුවූ දරුණුම වෙඩි ප්‍රහාරය ලෙස සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top