Nov 22, 2016

ජපානයේ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

අද (22) දිනයේ දී ඊසාන දින ජපානයේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට සිදුකර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මියාගි, ෆුකුෂිමා, ඉවාතෙ හා ඉබරකි යන පළාත් වලට මෙම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත් සේවය සඳහන් කර සිටියි.

එරට වේලාවෙන් අද (22) උදෑසන 6.00 ට පමණ මියාගි හා ෆුකුෂිමා ප්‍රදේශ වල ඇති වූ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනයක් සමග මීටර් 3ක් පමණ උසැති සුනාමි රළ පැමිණෙනු ඇතැයි අනතුරු අඟවා තිබුණි.

මෙම අනතුරු ඇඟවීමත් සමග වහාම ඒ ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කර තිබේ.

කෙසේවෙතත්, වසර 2011 න් හානියට පත්වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මෙම භූකම්පනයෙන් හානි සිදුව නැතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top