Oct 05, 2017

පැරදුනු යෝධ පිඹුරාව මස් කරලා!

ඉන්දුනීසියාවේ පසුගියදා මරාදැමුණු යෝද පිඹුරෙකු ගම්වාසීන් විසින් මසට ගෙන ඇතැයි වාර්තා වේ.

පාම් තෙල් වගාවක් ආසන්න මාර්ගයක සිටි මෙම පිඹුරා සමග ආරක්ෂක නිලධාරියෙකු සටන් කර ඇති අතර, තවත් ගම්වැසියන් කිහිපදෙනෙකු ගේ සහය ඇතිව මෙම සර්පයා මරාදමා ඇත.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියි.

අඩි 7.8ක් දිගැති මෙම යෝධ පිඹුරා ගම්වාසීන් විසින් ප්‍රසිද්ධියේ එල්ලා තබා තිබුණු බවත්, ඉන්පසුව ඔවුන් එම පිඹුරාව බැද ආහාරයට ගෙන ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top