Oct 09, 2017

නවදිල්ලියේ යළිත් ගිනිකෙළි තහනමක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තුළ ගිනිකෙළි භාණ්ඩ තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

මෙම තහනම පමුණුවා ඇත්තේ ඔක්තෝබර් 18දා සැමරීමට නියමිත දීපවාලි හින්දු උත්සවයට තවත් දින කිහිපයක් තිබියදීය.

මේ අනුව, නොවැම්බර් 01 දා තෙක් ගිනිකෙළි භාණ්ඩ අලෙවිය හා බෙදාහැරීම තහනම් වේ. කෙසේ වෙතත්, මේ වන විටත් මිලදී ගෙන ඇති ගිනිකෙළි භාණ්ඩ භාවිතයට තහනමක් නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙවැනි තහනමක් මගින් මේ වන විට ලොව ඉහළම වායු දූෂණ තත්ත්වයක් පවතින නවදිල්ලි අගනුවරෙහි වාතාශ්‍රයේ වෙනසක් ඇති වනු ඇතැයි ද යන්න පිළිබඳව පරීක්ෂාකිරීමට මෙම නඩුතීන්දුව ලබාදුන් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසරේද මෙවැනි තහනමක් පනවා තිබුණද එය පැනවූයේ දීපවාලි උත්සවයෙන් පසුවයි.

පසුගිය නොවැම්බරයේදී පළමුවරට පැනවූ මෙම තහනම පසුව සැප්තැම්බර් මාසයේදී තාවකාලිකව ඉවත් කරනු ලැබුණි. මෙම තහනම යළිත් පනවන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සලකා බලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත තීන්දුව ලබා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top