Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 09, 2017

රෝහින්ග්‍යා සරණාගතයන් සිටි තවත් බෝට්ටුවක් අනතුරට!

බංගලාදේශය කරා ගමන් කරමින් තිබුණු මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇත්තේ බංගලාදේශයේ වෙරළාසන්න ගම්මානයක් වන ගලාචර් ගම්මානය ආසන්නයේදීය. අනතුරට ලක්වන විට මෙම නෞකාවේ සියදෙනෙකු පමණ පිරිසක් සිටි බව පැවසේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවන් හා කාන්තාවන් ද ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත්, කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු පවණ බේරාගත් බව බංගලාදේශ බලධාරීන් පැවසීය.

මියන්මාරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයින් දිගින් දිගටම බංග්ලාදේශයට පලා යමින් සිටින අතර, මෙවැනි බෝට්ටු අනතුරු කිහිපයක්ම පසුගියදා වාර්තා විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top