15976 BM WEB BANNER 01
Oct 10, 2017

මදුරුවො එළවන ෆෝන් එකක්!

මේ දින වල වෙළඳපොලට නිකුත් වන ස්මාර්ට්ෆෝන් වල බොහෝ පහසුකම් පවතියි.

මෙම පහසුකම් අතර තරමක් අසාමාන්‍ය පහසුකම් සහිත ස්මාර්ට්ෆෝන් ද පවතියි.

කොරියාවේ LG සමාගම විසින් ද එවැනි ස්මාර්ට්ෆෝන් උපාංගයක් පසුගියදා නිපදවා තිබුණි.

LG K7i ලෙස නම් කර ඇති මෙම උපාංගයේ විශේෂත්වය ලෙස සඳහන් කර ඇත්තේ එහි මදුරුවන් පලවා හැරීමට හැකි හැකියාවයි.

මෙලෙස මෙම උපාංගය මදුරුවන් පලවා හරිනු ලබන්නේ අතිධ්වනික තරංග යොදා ගෙන බව එම සමාගම පවසයි.

LG K7i උපාංගයේ පසුපස ඇති විශේෂ ආවරණයක් හරහා මෙම තරංග මුදාහැරේ.

කෙසේවෙතත්, සීඑන්එන් පුවත් සේවයට අදහස් දක්වමින් ඇමෙරිකානු මදුරු පාලනය පිළිබඳ සංගමය  (American Mosquito Control Association) පවසා ඇත්තේ මදුරුවන් පාලනය කිරීමට අතිධ්වනික තරංග සාර්ථක නොවන බව පසුගිය 15 වසරක කාලය තුළදී සිදුකළ අධ්‍යයන 10ක් විසින් හෙළිදරව් කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top