Oct 25, 2017

චීනයේ නව නායකයන් මෙන්න!

චීනයේ මීළඟ නායකයන් පෙළ මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, මේ දිනවල පැවති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසානයේදී ය.

මෙහිදී චීනයේ ප්‍රබලම දේශපාලන දේහය වන ස්ථාවර දේශපාලන සභාවට (Politburo Standing Committee) ෂී ජින්පිං ජනපතිවරයා මෙන්ම Li Keqiang, Li Zhanshu, Wang Yang, Wang Huning, Zhao Leji හා Han Zheng පත්කර තිබේ.

පක්ෂයේ ප්‍රධාන නායකයන් අතර පැවති රහස් ඡන්දයකින් මොවුන්ව තෝරා පත්කරගෙන තිබේ.

මීට කලින්, මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ මට්ටමට ඔසවා තබමින් ජනාධිපති ෂී ජින්පිං ගේ නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා කැමැත්ත ලබා දෙමින් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය විසින් මෙම සම්මේලනයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

වසර 2012 බලයට පත් වූ ජනාධිපති ෂී විසින් ක්‍රමයෙන් සිය බලය තහවුරු කර ගනු ලැබ තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top