Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 27, 2017

කතුන්ටත් නැති වරප්‍රසාද ඇති රොබෝවරියට පුරවැසිභාවය (වීඩියෝ)

රොබෝවරියකට පුරවැසිභාවය ලබාදුන් පළමු රට ලෙස සෞදි අරාබිය ඉතිහාසයට එක්ව තිබේ.

ඒ පසුගියදා රියාද් හි පැවති සමුළුවකදී සොෆියා නම් රොබෝවරියකට පුරවැසිභාවය ලබාදෙමිනි.

මෙම රොබෝවරිය නිපදවූ හැන්සන් රොබෝ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී -  පවසා සිටින්නේ සොෆියා වැනි රොබෝවරියන් නිෂ්පාදනය කිරීමේ අරමුණ වන්නේ රොබෝවරුන් තුළින් සම්පූර්ණ මිනිස් අත්දැකීමක් ලබාදීම බවයි.

මෙම සමුළුවේදී අදහස් දක්වමින් සොෆියා පවසා සිටියේ පුරවැසිභාවය ලැබුණු පළමු රොබෝවරිය වීම ඓතිහාසික අවස්ථාවක් බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල මත පළ කරමින් බොහෝ දෙනා පවසා තිබුණේ සවුදි අරාබියේ කාන්තාවන්ට ඇතුළුව බොහෝ පුද්ගලයන්ට නොලැබී ඇති අයිතීන් හා වරප්‍රසාද මෙම රොබෝවරියට ලැබී ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top