Oct 27, 2017

කෙනඩි ඝාතනයේ ලිපිගොණු නිදහස් කිරීමට අවසර

ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝන් එෆ්. කෙනඩි ගේ ඝාතනය හා සම්බන්ධ රහස්‍ය ලිපිගොණු 2,800ක් මහජනයා හට ලබාගත හැකි වන ලෙස ප්‍රසිද්ධ කිරීමට එරට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවිය හැකියැයි පවසමින් ඔහු විසින් ඇතැම් ලිපිගොණු නිදහස් කර නොමැත.

මීට වසර 54කට පෙර සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ මත පළ වී තිබෙන අතර, වසර 25ක කාලයක් තුළදී මීට අදාල සියළු වාර්තා ප්‍රසිද්ධ කිරීමට 1992දී ඇමෙරිකානු කොංග්‍රසය තීරණය කර තිබුණි. එහි අවසන් දිනය ඊයේ දිනයට යෙදී තිබුණි.

පිටු මිලියන 5ක් පුරාවට මේ සම්බන්ධ තබා තිබූ වාර්තා වලින් 90%කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top